කෝවිඩ් නිසා අඩපණ වු ඉතාලියේ ශ්‍රමිකයන්ට ව්‍යාපාරවලට සහන
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩපණ වු ඉතාලියේ ස්වයං ව්‍යාපාර සුළු පරිමාණ හා රැකියා අහිමි වු පුද්ගලයන්ට සහන ලබාදීම ආරම්භ කර ඇතැයි ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.
මූලික වටයේදි ස්වයං ව්‍යාපාර හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට යුරෝ 600 ක සහන මුදලක් ලබාදීම ආරම්භ කල බවත් මැයි මාසයේදි එම මුදල යුරෝ 800 දක්වා වැඩිකර ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම රැකියා අහිමි පුද්ගලයන්ගෙ පවුල් සඳහා පවුලේ සිටින සාමාජිකයන්ගේ ප්‍රමාණය අනුව වැඩිවන පරිදි යුරෝ 250 සිට ඉහළට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනිම සඳහ සහන මුදලක් ලබාදෙමින් තිබෙන බවත් නීත්‍යනුකූල රැකියා ගිවිසුමක් සමග රැකියාවල නියුතු සියලුම පුද්ගලයන්ට යුරෝ 100 ක දිමනාවක්ද එක්කල බව හා අත්‍යාවශ්‍ය සේවා රැකියාවල නිරතවන මාපියන් සිටින පවුල්වල සිටින දරුවන් බලා ගැනිමට සේවිකාවක් සඳහා යුරෝ 600 ක මුදලක්ද ගෙවමින් තිබෙන බව මුදල් අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

