කෝවිඩ් අරමුදලේ ශේෂය මිලියන 848 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.
පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියනය බැගින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට පරිත්‍යාග කළහ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

popular news
-
පහේ පන්තියේ කොල්ලෙක් Thursday, 23 April 2020 06:22 PM
අරමුදලේ ශේෂය පෙන්න පෙන්න මොන මගුලක් කරන්නද. ඕකෙන් ටෙස්ටින් කිට්ස් අතිතරන් ගේන්නේ නැතිව. මේක තියන් ඉන්න ව ඇත්තේ චන්දෙ කාලෙට කොරෝන වෙනුවෙන් අවස්තා සදහා වියදම් කරන්න වෙනද. ඕකත් අපි වෙනුවෙන් අපි ගිනු වගේ වෙයි. එකේ සල්ලිත් නැහැ තිබ්බ සල්ලි වලට හරියන ලෙස ගෙවල් නොමිලේ දුන්න ලිස්ට් එකකුත් නැහැ. චීනා ගිනි පොලියට කොමිසුත් එක්ක දීපු නයට සින්න වුනු කොලනියට එවපු ටෙස්ට් කිට් ටිකයි , අලිබබා අයිතිකරු ජැක මා පරිත්‍යාග කල කිට් ටිකයි ඉබි ගමනින් පාවිච්චි කරනවා. අප්‍රේල් 8 වනකොට ටෙස්ට් කරලා තිබ්බේ 3248යි. අද අප්‍රේල් 23 වන කොට 7300ක් ටෙස්ට් කරලා. ගත වුනු දවස් 15තංඅ ටෙස්ට් කරලා තියෙන්නේ 4000 පමණ ගානක්. ආණ්ඩුව මාද්‍යයෙන් කියන්නේ දවසකට දැන් 600 ටෙස්ට් කරනවා ලු. ගතවූ දවස් පහ තුල 600ක් ටෙස්කර නම් ඔක්කොම 3000. එතකොට ඉතිරි දවස් 10ම කලේ 1000ද?? පහේ පන්තියේ කොල්ලෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

