කෝවිඩ් අරමුදලට රජයේ සේවකයින්ගෙන් මුදල් ඉල්ලිම රාජ්‍ය සේවකයාට කරන බලහත්කාරකමක් - හදුන්නෙත්ති
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස වැටුපෙන් මුදලක් කොවිඩ් – 19 වසංගතය පාලනයට පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීම හුදෙක්ම රාජ්‍ය සේවකයා මත එල්ල කරන ලද බලහත්කාරකමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
අද (07) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේය.
මෙම ලිපිය පෞද්ගලික ඉල්ලීමක් වන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය උපයෝගී කරගෙන එවැනි ලිපියක් යැවීමට ඔහුට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද යන්න පිළිබඳව හදුන්නෙත්ති මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
එසේම එම ලිපිය සියලු රාජ්‍ය සේවය ආවරණය වන පරිදි ආයතන ප්රධානීන්නට යොමු කර ඇති බැවින්, පෞද්ගලික ආයාචනයක් රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානීන්ට යොමු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කළේය.
එසේම එහි පිටපත් නීතිපතිවරයාට සහ විගණකාධිපතිවරයා යොමු කර තිබීමෙන් එය පෞද්ගලික ඉල්ලීමක් නොවන බවත්, එම ලිපිය සදහා නීත්‍යානුකූල බවක් එමගින් ලබා දී ඇති බවත් හදුන්නෙත්ති මහතා චෝදනා කරයි.
තවදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ, එවැනි ක්‍රියාවලින් අදහස් වන්නේ ඔවුන්ගේ පෞද්ගලික ඉල්ලීමවලට රාජ්‍ය බලය පාචිච්චි කිරීමක් බවත් එය මුළුමනින්ම සදාචාර විරෝධි බවත්ය.
එසේම මෙම අවස්ථාවේ අසරණ වී සිටින රාජ්‍ය සේවකයාගෙන් එවැනි ඉල්ලීම් කිරීම අසාධාරණ බවත් ඔහු පැවසුවේය.
තවදුරටත් ඔහු කියාසිටියේ මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සහ නිල නිවාස ඔවුන්ට පෞද්ගලික පරිහරණයට ලබා දෙන ලෙස කැබිනට් පත්‍රිකා අනුමත කර ගන්නා අතරතුර කැපකිරීම් කරන ලෙස රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලා සිටීම අතිශයින්ම සාදාචාර විරෝධී බවයි.
මෙසේ කැබිනට් මණ්ඩලයේ වියදම් කපා හැරීමකින් තොරව මෙසේ රාජ්‍ය නිලධාරීන්ට කරන බලහත්කාරකම්වවලට මුළු සාමාජයම විරුද්ධ වන බවත් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.

popular news
-
Kumar Thursday, 07 May 2020 10:03 PM
මේකත් කොත්මලේ වැව ළඟ තිබෙන මහවැලි චෛත්‍යට සම්මාදන් එකතු කලා වගේ වැඩක් නේද?
Reply : 0 0
AjithD.L Thursday, 07 May 2020 11:42 PM
වැදගත්ම අදහසකි , එත් අපේ අයට කෙලින් අදහස් දක්වන පණ මදි ....
Reply : 0 0
Don Friday, 08 May 2020 09:47 AM
රජයේ රැකියාවල යෙදෙන ය තමයි ධනපති පන්තිය. ලොක්කෝ හෙලිකොප්ටර් වලින් ගමන් බිමන්, වන්දනාවේ යනකොට, කෝටිගණන් තම පවුල්වල ආරක්ෂාවට වියදම් කරනකොට මෙහෙම හිඟාකෑම පුදුමයක් නෙවි.
Reply : 0 0
Deepal Nirosh Friday, 08 May 2020 06:58 PM
මේ අවස්ථාවේ රජයේ වැඩි ආදායම් මාර්ග ගණනාවක් ඇණහිට ඇති බැවින් ආයාචනයක් කිරීම සාධාරණයි. ඒත් එය ආයතන ප්‍රධානීන් හරහා නිල ලිපි ශීර්ෂයකින් යොමු කිරීම ගැටළු සහගතයි. මෙහි අපේක්ෂාව ප්‍රධානීන් හරහා යටත් නිලධාරීන්ට බලපෑම් කිරීමක් වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

