09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) පළමු රැස්වීම හෙට (05දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව හෙට (05දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරැ 11ට මෙම රුස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී කෝප් සහ කෝපා කමිටු සඳහා සභාපතිවරුන් පත් කිරීමද සිදු කරනු ඇත.
කෝප් සහ කෝපා සාමාජිකයන් තේරීම් කාරක සභාව විසින් නම් කළ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.