පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව මෙම කාරක සභාවට අදාළව දැනට පවතින ස්ථාවර නියෝග 120(4) සංශෝධනය සදහා මෙසේ යෝජනාව ඉදිරිපත් කිරීම සිදුවිය.
ඒ අනුව මෙම යෝජනා සංශෝධනය මගින් මෙම කාරක සභාව වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පරීක්ෂා කිරීමේදී බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා එකී සිද්ධීන් ඍජුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට කාරක සභාව විසින් යොමු කරනු ලැබිය හැකි බවට යෝජනා කර ඇත.