මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටු රැස්වීම තරමක උණුසුම් මුහුණුවරක් ගැණිනි.
ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ද තම තමන්ගේ මතය වෙනුවෙන් එහි පෙනී සිටීමට උත්සාහ කිරිමත් සමගිනි.
2015 - 2019 කාලය සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්විණ.
කෙසේ වෙතත් මෙහිදී මන්ත්‍රීවරුන් විවිධ කාල සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග රැස්වීම තරමක උණුසුම් තත්ත්වයක් ගැණින.