කෝප් කමිටුවට කැඳවීමට පෙර දින ඉල්ලා අස්වූ සභාපති
කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබුණි.
මෙසේ එම සභාපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පසුගිය අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කැඳවා තිබූ අතර මේ සඳහා එම සංස්ථාවේ සභාපතිවරයා සහභාගී නොවන බව එදින පැමිණ සිටි නිලධාරීන් පැවසීය.
ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ මෙම සංස්ථාවේ සභාපතිවරයා පසුගිය අප්‍රේල් 18 දින එනම් කෝප් කමිටුවට කැඳවීමට පෙර දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කොට තිබීමයි.
නමුත් මේ පිළිබඳ අධ්යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශ අනුමතිය තවම ලැබී නැති බැවින් ඔහුගේ ඉවත්වීම තවමත් නීත්‍යානුකූල නොමැති බවත් ඒ අනුව ඔහු නැවත කෝප් කමිටුවට කැඳවීමට කටයුතු කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.
ඒ අනුව මෙසේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවා තිබුණි.
විශේෂයෙන් මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ තමන් මෙම සභාපතිධූරයෙන් ඉවත් වූයේ මෙම සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ නිසාද යන්නයි. නමුත් මෙහිදී ඔහු සඳහන් කළේ එසේ නොවන බවත් තමන් ව්‍යාපාරිකයෙකු නිසා කාර්යබහුල බැවින් මෙම සංස්ථාවෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
මෙහිදි කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මහජන මුදල් යටතේ පවතින ආයතනයක නිලධාරියෙක් ඕනෑම අවස්ථාවක කෝප් කමිටුවට කැඳවීමට හැකි බැවින් මෙසේ ඔහු කෝප් කමිටුවට කැඳවූ බවයි. එසේම මෙම ඉල්ලා අස්වීම නිසි ක්‍රමවේදයට අනුව සිදුවී නැති බවද කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Deepal Nirosh Saturday, 23 April 2022 03:01 AM
පොඩ්ඩක් ඉවසමු, සභාපතිතුමා 18වන දා ඉල්ලා අස්වුණාට 0 වෙනි දා වැඩට ඇවිත් නැවත වැඩ භාර ගනීවි. ඊට පස්සෙ නැවත සුහද ආරාධනයක් කරමු. අනේ මේ කෝප් කමිටුවට ඉවසීමක් නැති හැටි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

