ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී ටාටා වර්ගයේ ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 900 පොලිසියේ භාරයට ගෙන ඇත.
විදෙස් රටවලින් බහුදින යාත්‍රා මඟින් මන්නාරම වෙරළ තීරයට රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය කොළඹ අවට ප්‍රදේශයේ ගැනුම්කරුවන්ට බෙදාහැරීම සඳහා යමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව හා මන්නාරම පදිංචි වයස අවුරුදු 41,43 අතර පසුවන්නන් ය
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ගෝනහෙන කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත