යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකණ්ඩි මුහුදු වෙරල ප්රදේශයේදී රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 217 ක් අතහැර දමා ගොස් තිබියදී ඊයේ (02දා) සොයාගත් බවට යුදහමුදාව පවසයි.
මේ අතර අදාල කේරල ගංජා තොගය යුදහමුදාව විසින් පොලීසියට භාරදීමෙන් අනතුරුව සිදුකරන ලද පරික්ෂණ වලදී කේරල ගංජා ජාවාරමට සමබන්ධ යැයි සැකකෙරෙන තිදෙනෙක් අද (03දා) අත්අඩංගුවට ගත් බවටද වැල්වැටිතුරෙයි පොලීසිය පැවසීය.
යුදහමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඊයේ පොලිකණ්ඩි මුහුදු වෙරලට ගොස් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කේරල ගංජා තොගය ගෝනි 6 කට දමා මුහුදු වෙරලේ අතහැර ගොස් තිබියදී සොයාගනු ලැබීය.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් ජාවාරම් කරුවන් විසින් වෙනත් ප්රදේශයකට රැගෙන යාමට උත්සහ ගෙන ඇති අතර පසුව යුදහමුදාන දැක පලා යන්නට ඇතැයි යුදහමුදාව පැවසීය.
කේරලගංජා ජාවාරම සමබන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැල්වැටිතුරෙයි ප්රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
