රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා ( රුපියල් මිලියන 205 ක් ) , කිලෝ ග්රැම් 09 යි ග්රැම් 500 ක් බරැති , රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17දා) අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි . ඔහු අද (17දා) උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයේ නිරත වී සිටි සීදුව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවකි .
මෙම ගුවන් මගියා තම ගමන් මලු තුළත් , මෙම ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත් ග්රැම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබාගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
