යාපනය කරෙයිනගර් ප්රදේශයේ පැරණි කසිරුණා වෙරලතීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 575 ග්රෑම් 600 ක ප්රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කරෙයිනගර් පැරණි කසුරිනා වෙරල තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලද අතර එහිදී සැකකටයුතු ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය වීමෙන් අනතරුව අදාල යාත්රාව පසුපස හඹා ගොස් වැටලීම සිදුකරන ලදි.
එහිදී ඩිංගි යාත්රාව තුල සඟවා තිබූ පාර්සල් 17 ක කේරල ගංජා කිලෝ 575 ග්රෑම් 600 ක ප්රමාණයක් තිබී සොයාගනු ලැබූ අතර ඩිංගි යාත්රාව පැදවූ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි.
මෙම කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දිවයිනේ වෙනත් ප්රදේශයන් වෙතට අලෙවි කිරීම සඳහා රැගෙන එමින් සිටයදී ජාවාරම් කරුවන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 ක් සහ 51 යන වයස්හි පසුවන යාපනය මාදගල් ප්රදේශයන්හි පදිංචිකරුවන් වන අතර සැකකරුවන් සහ කේරලගංජා තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලීසියට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
