කෝටි 10 අම්බර් කිලෝ 34 ක් සොයා ගනී
කල්පිටිය කන්දකුලිය ප්රදේශයෙ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්රමානයක් සමග සැකකරුවන් 5 දෙනෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ නිළධාරීන් විසින් 12 දින අත් අඩංගුවට ගත් බව කියයි.
වනාතවිල්ලුව පොලිස් කාර්යාංශයට ලැබුන තොරතුරක් මත පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිළධාරීන් සමග එක්ව සිදුකල වැටලිමේදි මෙම දැවැන්ත අම්බර් තොගය සොයා ගැනිමට සමත් වු බව කියයි.
අදාල අම්බර් තොගය මුහුදේ පාවෙමින් තිබියදී කන්දකුලිය ධීවරයින් විසින් ධීවර යාත්රාවක සගවා රහසේ ගොඩ බිමට රැගෙන විත් අලේවි කිරීම සදහා මෙසේ තබා ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම අම්බර් තොගය පිළිබදව ලැබුන තොරතුරු මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි නිවස පිටුපස ඉතා ආරක්ෂීතව වල ඔතා වල දමා තිබු බව කියයි.
තල්මස් වමනය ලෙස හැදින්වෙන අම්බර් විශාල රත්රන් වලට සමාන මිලක් ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම අම්බර් තොගය මුහුදින් රැගෙන ආ සැකකාර ධීවරයින් හා එය වල දමා තිබු නිවසේ සැකකරුවන සමග පස් දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සදහා කල්පිටිය පොලිසිය භාරයට පත් කර ඇති බව කියයි.
වනාතවිල්ලුව පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරීන් සමග පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ ස්ථානාධීපති ප්රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු.ආර්.ඒ.චන්ද්රසිරිලාල් මහතා ඇතුළු නිළධාරීන් ඉදිරි විමර්ශන අරඹා තිබේ.
අත් අඩංගුවට ගැනුන අම්බර් තොගය පරික්ෂණ අවසන් වන තුරු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ රදවා ගැනිමේන් පසු අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කිරීමට නියමිත බව කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
