සීනිගමදී අද (9) සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. සැකකාරිය සන්තකයේ තිබී මත් කුඩු කිලෝ හයක් පමණ අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
ඊයේ (8) රුපියල් කෝටි පහක් පමණ වටිනා මත් කුඩු කිලෝ තුනක් සමග ධීවරයින් තිදෙනෙක් සීනිගමදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අද (9)අත් අඩංගුවට ගත් මත් කුඩු තොගය ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකුගේ වන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සුසිල් ප්රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා