කෝටි පහක දුරකතන කටුනායකදි අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද 05/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු 59 හැවිරිදිය . අනෙක් ව්‍යාපාරිකයා කොළඹ - 14 පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි .
ඔවුන් දෙදෙනා 05/17 දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු කීපයක් තුළ ඇපල් , ගැලැක්සි , රෙඩ් මී , හීරෝ සහ වන් ප්ලස් වර්ගයේ නවීනතම ජංගම දුරකථන 1,083 ක් සහ පෙන් ඩ්‍රයිව් 200 ක් සගවා ගෙන , ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , ඒ අවට ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත වී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
