කෝටි අසූවට වඩා අතුරුදන් වෙලා ජනාධිපතිවරයා නිදි
"ජනාධිපතිවරයා මුදල් ලේකම්වරයා බවට පත් කරපු කෙනාගේ ක්‍රියාමාර්ගය අනුව කෝටි අසූවකට වඩා වැඩි එදා වටිනාකමට අද සමහරවිට ඩොලර් එක උඩට ගියොත් ඒ වටිනාකම තව වැඩිවෙන්න පුළුවන්. කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්තරස්දහන් වෙලා ඒත් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව ආණ්ඩුව තාම නිදි"යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඒ හොරණ දී මාධ්‍යවේදීන් හමුවේ තම අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.
"ජේවීපී එකේ න්‍යාය පත්‍රය කෙසේ වෙතත් මේ රට තුළ නැවත බෙදුම්වාදයවත් මේ රට බෙදන්නවත් එහෙම නැත්නම් මේ රට කෑලිවලට බෙදලා පාලනය කරන යුගයේ අවසන් කරලා ඉවරයි.ඒ හින්දා තවදුරටත් ත්‍රස්තවාදයටවත් බෙදුම්වාදයටවත් හිස ඔසවන්න මේ රටේ ඉඩක් නෑ.ඒ වගේම තමයි දේශපාලන වේදිකාවේ නොයෙක් අය නොයෙක් ප්කතා කියනවා ඉතින් ආණ්ඩු පක්ෂයේ ඉන්න දේශපාලනඥයෝ කියාගන්නා සමහර අය නොයෙකුත් බොළඳ කතා කියනකොට විපක්ෂයෙන් අර්ජුනාටත් හිතෙන්නේ නැති බොළඳ කතාවක් කියන්න ඕන කියලා. මොකද ඒ අයට තේරෙන භාෂාවෙන් එපැයි කියන්න.ඉතින් බොළඳ කතාවට බොළඳ කතාවෙන් උත්තරයක් දීලා තියෙනවා.
වක්රාකාරවත් සෘජුව වත් කුමන හෝ හේතුවක් මත ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක මහ ඇමතිවරයෙක්ට තීන්දු තීරණ ගන්නබැහැ.ඉතින් ඒ වගේම තමයි සෘජුව හෝ වක්‍රව හෝ කුමන හෝ ආකාරය වත් ඉන්දියාවට කච්චතිව් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නත් බැහැ. ඒ අයට අවශ්‍යතාවයකුත් නැහැ.ඉතින් මං මේ පිලිබඳව ලංකාවේ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් දක්වලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕන.ඒවගේම තමයි මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා රටේ ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනවාරි මාසයයේ මේ පිළිබඳව දැනුම් දුන්නා කියලා තමයි සදහන් වෙන්නේ.හැබැයි ජනවාරි මාසයේ දැනුම් දීලාත් ජනාධිපතිවරයා ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ ඇයි කියලා කියන ප්රශ්නය තියෙනවා.ඒ වගේම තමයි මුදල් ලේකම්වරයා දේශපාලන පත්වීමක්.ඔහු මේ අයගේ දේශපාලන වේදිකාවේ පමණක් නෙවෙයි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු කෙනෙක්.ඉතින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් ගිහිල්ලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කරලා ඒ ලේකම්වරයා බවට පත් කරපු කෙනාගේ ක්‍රියාමාර්ගය අනුව කෝටි අසූවකට වඩා වැඩි එදා වටිනාකමට අද සමහරවිට ඩොලර් එක උඩට ගියොත් ඒ වටිනාකම තව වැඩිවෙන්න පුළුවන්. කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්තරස්දහන් වෙලා ඒත් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව නිදි.
දැන් මේක ඇවිල්ල හැකර්ලාගේ ආණ්ඩුවක්නේ ගල් අඟුරු එකටත් හැකර් කෙනෙක් පැනලා ඒක බාල වෙලා පෞද්ගලික බැංකුවටත් හැකර් කෙනෙක් පැනලා බිලියන 13ක් අතුරුදහන් වෙලා. දැන් මුදල් අමාත්‍යංශය ණය ගෙවන තැනටත් හැකර් කෙනෙක් පැනලා කෝටි අසූවක් අතුරුදහන් වෙලා. තැපැල් දෙපාර්තමේන්තුවට ඒකටත් හැකර් කෙනෙක් පැනලා ඇයි වරායට අර කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරගෙන ගිහිල්ලා තියෙන්නේ.ඒ විතරක් නෙවෙයි අලුත්ම න්‍යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හැකර් කෙනෙක් ගානේ පත්කරනවා පක්ෂෙන්. ඉතින් හොඳයි මේ ආණ්ඩුවේ පික්පොකට් න්‍යාය පත්‍රය වෙනස් වෙලා දැන් හැකර් න්‍යාය පත්‍රය බවට පත්වෙලා තියෙනවා.හැබැයි ඉතින් අවසානය මේ හැම පාඩුවක්ම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
