කෝටියක බෙහෙත් කටුනායකින් පන්නන්න බැරි වෙයි
රුපියල් කෝටියක් වටිනා බටහිර ඖෂධ තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 04/07 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ පදිංචිකරුවන් වන අතර , ඔවුන් අතරින් තිදෙනකු වයස අවුරුදු 18 - 25 අතර පසුවන තරුණයන් වේ . අනෙක් ගුවන් මගියා 45 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි .
ඔවුන් 04/07 දින අලුයම 12.25 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ එන්නත් , පෙති , කරළ් සහ ආලේපන ඇතුළත් කිලෝ ග්‍රෑම් 65 ක් බර , බටහිර ඖෂධ තොගයක් සගවා ගෙන තිබුණි .
මෙම ඖෂධ පිළිබද රේගුවට ප්‍රකාශ කර නොතිබුණු අතර , සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
