පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්රමාණයක් අද (14දා) වාද්දුව තල්පිටිය ප්රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එහි ධීවරයින් පවසති.
අද අලුයම වාද්දුව තල්පිටිය ප්රදේශයෙන් ඈත මුහුදේ දැල එලා තිබී ඇති අතර යුද හමුදා සංචාරක හෝටලය පිටුපස වෙරළට මෙම මසුන් පිරී තිබූ දැල ගොඩගසා තිබු අයුරු දැකගත හැකිවිය.
කහ පරව්, තෙල් පරව් සහ කිරලාවන් මෙම දැලට පැටලී තිබෙන බව එම දැලේ පාලක සුසිල් පෙරේරා මහතා පැවසීය.
මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් වාද්දුව තල්පිටිය වෙරලට පැමිණ සිටි අතර, දැලට හසුව ඇති මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට ආසන්න බව සදහන් වේ
පානදුර සුමිත් පොතුපිටිය
