කෝටිපති ව්‍යාපාරිකයකුගේ නවගමුව නිවස ඉදිරිපිට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු දුරකථන අංකයක් සඳහන් කර මල්වඩමක් තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කීපයක් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම මල්වඩමේ " අප අතරින් වෙන් වී යන --------------------(ව්‍යාපාරිකයාගේ නම) bozata නිවන් සුව" යනුවෙන් විශාල අකුරින් හා " අවසන් ලියුමයි ඔබට ලියන්නේ " යනුවෙන් කාඩ්බෝඩ් කැබැල්ලක සඳහන් කර මල්වඩමේ රඳවා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පාතාල කල්ලි සාමාජික සපුගේ මනෝජ් මුතු කුමාර නොහොත් මුතු යන අය මෙම ව්‍යාපාරිකයා අතුරුගිරියට මුදල් ලබාදෙන බවත් ( ි අතුරුගිරිය යනුවෙන් අදහස් කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලඩියා යන අයගේ පාර්ශවයට මුදල් ලබා දෙන බවත්ය) එය නතර නොකළොත් ඔහු ගැන බලාගන්නා බවටත් ප්‍රකාශ කර ඇති බවටද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණ මල් වඩම තැබූ බව කියන පුද්ගලයන් දෙදෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයි ද එම පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයිද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මේ වන විට ව්‍යාපාරිකයාගේ නිවසට ද පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.