ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර මංගල්‍ය නිමිත්තෙන් බෙදාදීම ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ලංකාරාමාධිපති මෙන්ම ඉන්දියානා බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඊයේ (18දා) සිදු කලහ.
ඇමරිකාවේ පාදුවා ජෝන් භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ලෙසත් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිකාරි ලෙසත් කටයුතු කරන දේවානන්ද හිමියන් එම විහාරස්ථාන වල දායකයෙකු වන ජපානයේ හිටපු තානාපති සංජීව ගුණසේකර මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම පිංකම සිදුකර ඇත.
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද කිලෝ පනහේ සහල් මලු අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාදීම සිදු කෙරෙන අතර මේ වන විට පවුල් පන්දහසකට මෙම සහල් මලු බෙදා දුන් බව සඳහන් කරන උන්වහන්සේ ඉදිරියේ දී අඩු ආදායම් ආදායම්ලාභී පවුල් සඳහා තවත් සහන සැලසීම්ට කටයුතු කොට ඇති බව ද පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
