කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන ලබාදීමට තීරණය කෙරේ.
කැලණි ගඟේ ගංවතුර තත්ත්වය පාලනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී ඊයේ (3දා) පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙම එකඟතාවය පළ කලේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ජලය බැස යා හැකි පරිදි කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ගොවිජන සේවා දොපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධවී කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
නැවත ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර මෙම කාර්ය අවසන් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ඒ සඳහා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් සමඟ සාකච්ඡා කරන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
