කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහාය දෙනවා
නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට අද (10) පෙරවරුවේ සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙස වීම ද විශේෂත්වයකි.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමට සහ ඒ සඳහා ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.
යටිතල පහසුකම් සංවර්ධනයට වඩා ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුළින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට කොළඹ විශ්වවිද්‍යාලය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එසේ වුවහොත් විදේශීය සිසුන් ද මෙරටට ගෙන්වා ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ තරම් පහසුකම් නොතිබූ අතීතයේ දී පවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ මට්ටමක පැවති බව ද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කළහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඉදිකිරීමේ සැලැස්මේ ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු විමසු අතර, ඒ සඳහා අක්කර හතරක ප්‍රදේශයක් වෙන් කර ඇති බව අනාවරණය කෙරිණි උත්සවයට සහභාගී වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව උපකුලපති, නීති පීඨයේ පීඨාධිපති සහ නීති පීඨ නීති සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිස විසින් විසින් පිළිගනු ලැබිණ.
ජනාධිපතිවරයා මෙහිදී සිසුන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට මෙන්ම සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු ඇතුළු ආදි විද්‍යාර්ථයින් දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








popular news
-
සුරංග Sunday, 11 December 2022 04:47 AM
ඇත්තටම රටට සේවයක් කිරීමට එජාප රජයකින් විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කලා අදහස ඉතාමත් හොදයි නමුත් එහි අධ්‍යාපන කටයුතු බොහෝම ප්‍රමාද වෙනවා වෙනත් විශ්ව විද්‍යාල වල අවුරුදු හතරක් ගතවෙන උපාධි පාඨමාලා එහි අවුරුදු හයක් ඉක්මවා යනවා ඒ ගැන සොයාබලා එම විශ්ව විද්‍යාලයේ ගුණාත්මක බවත් වැඩිකරන්න කටයුතු කලොත් ඉතාමත් වටිනවා
Reply : 0 0
රසික Sunday, 11 December 2022 06:48 AM
අර හූ කියපු එක මේකේ ලියලා නෑනේ. මේක පල කරොත් තමයි පුදුමේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

