කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදි අයකරන ගාස්තු අද (23) සිට නැවත අය කිරිමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ ක්රියාත්මක QR කේත ක්රමය හා වාහන අංක (ඔත්තේ /ඉරට්ටේ) අනුව ඉන්ධන නිකුත් කිරිම සිදුවන බැවින් පෝළිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් වැඩි දුරටත් දැක්වේ.
ඒ අනුව අද (23) පෙ.ව 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමණාකරණය හා ගාස්තු අය කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදි කොළඹ මහ නගර සභාව තීරණය කළ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.