ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 2021 දී බහාලුම් ඒකක මිලියන 7.25 ක වාර්තාගත හැසිරවීමක් හේතුවෙන් එම වර්ෂයේදී සියයට 6 ක වර්ධනයක් ලබමින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
ඒ අනුව කොළඹ වරාය මේ වන විට ලෝකයේ හොඳම වරාය ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 22 වැනි ස්ථානයට පත්ව තිබේ.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, කොළඹ වරාය මෙහෙයුම් 2021 දී සියයට 5.8 ක පරිමාවකින් ඉහළ ගොස් ඇත. ප්‍රතිනැව්ගත කිරීම බහාලුම් ඒකක මිලියන 5.85 දක්වා සියයට 4.2 කින් වර්ධනය වී තිබේ.
2025 වන විට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය ලේකයේ හොඳම වරායවල් අතර 15 වැනි ස්ථානයට පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක ලබා දී තිබේ.