නව වසරේ දෙවැනි දිනය වන අද දිනයේ කොලඹට ඇතුළු වන ප්රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වෙයි.
විශේෂයෙන් ගම්බිම් බලා ගිය සේවක පිරිස් නැවත සේවා ස්ථාන කරා අද දිනයේ පැමිණෙන හෙයින් මෙන්ම පාසල් ආරම්භක දිනයද අද දිනය වන හෙයින් කොළඹ නගර ආශ්රිතව බොහෝ ස්ථානයන්හී මෙන්ම අධිවේගී මාර්ගයන්හීද රථවාහන තදබදයක් හටගෙන ඇතැයිද සඳහන්.