කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රීලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද (23දා) උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පැවසේ.
අද උදෑසන 7.45 ට කොළඹින් මාතර බලා ධාවනය වූ මාතර ඩිපෝවට අයත් MT 17 බසය කළුතර දී උදෑසන 9 ට පමණ නතරවී තිබේ.
බස් රථය පාරේ නතර වීමත් සමග ගාලු දෙසට ගමන් ගන්නා මංතීරුවේ තරමක වාහන තදබදයක් ඇතිව තිබෙන අතර, මගින් විසින් බස් රථය මාර්ගයේ අයිනට තල්ලුකර ගමනාගමනයට ඉඩ සලසාදී ඇත.
ඒ මොහොත වනවිට මගීන් 80 කට ආසන්න පිරිසක් රථයේ ගමන් කරමින් සිට ඇති අතර , ඔවුන් වෙනත් බස් රථ වලට යොමුකල බව රියදුරු මහතා පැවසීය. .අනතුරුව කලුතර ඩිපෝවට දැනුම්දී ඩීසල් රැගත් ලංගම කාර්මිකයින් පැමිණ බස් රථය පෙරවරු 10.30 ට පමණ යලි පණගන්වන අයුරු දැකගත හැකිවිය .
පානදුර සුමිත් පොතුපිටිය
