කොළඹ මහල් නිවාසවල පීඩාවට පත් ජනතාවට බෙදාදීම සඳහා කොස්,දෙල්,පොල් ඇතුලු භවබෝහ එකතුකිරීමේ වැඩසටහනක් ඊයේ (15දා)පිටිගල පොරවගම සිට අමරගම දක්වා සිදු කෙරිණ.
මහජන අයිතීන් සුරැකීමේ හා ආපනශාලා හිමියන්ගේ සංගම් හි සභාපති අසේල සම්පත් පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙය සංවිධානය කොට තිබිණි.
මේ සත්කාරය සදහා පිටිගල ජනතාව සිය ගෙවත්තේ තිබූ කොස්,දෙල් පොල් ඇතුලු දේ නිර්ලෝභීව ලබා දුන් අයුරු දැකගත හැකිවිය.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත

