මරදාන පොලිස් වසමේ බේරේ වැවේ පුද්ගල මෘත ශරීරයක් පාවෙමින් ඇති බවට ලද තොරතුරක් මත මරදාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 55 ත් 60 අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකි. කළුපාට දිග කලිසමක් හා කොළ පැහැති අත්දිග කමිසයක් හැද සිට ඇත.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.