කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි
- 5 11 2023
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද පස්වරු 6. 00 ට පමණ පස්කන්දක් ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති බවත් නිවාස පහක පදිංචිකරුවන් ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ කේ ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.
අද දිනයේ දෙවන වතාවටත් මෙම මාර්ගය අවහිර විය. සතිය දෙකක් තුළ මෙම මාර්ගය 6 වන වතාවටත් අවහිරවී වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ වන විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ලෙසත් විකල්ප මාර්ග ලෙස හාල්අටුතැන්න කිරවනාගම හරහා හෝ මංතැන්න හෝ නිකපොත මාර්ග විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී .
විශාල ප්‍රමාණයේ පස්කන්දක් පාරට වැටී ඇති බැවින් ද තවදුරටත් පස්කඳු නායයමින් පවතින බැවින් ද මාර්ගය පිළිසකර කිරීමට යම් කාලයක් ගත විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා ඪ කිරීම සුදුසු බව ද පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

