කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා වූ මාර්ග කොටස යළිත් ඊයේ රාත්‍රී සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම කොටසේ එක් මංතීරුවක් රථ වාහන ගමනය සඳහා ඊයේ විවෘත කළත් තවදුරටත් ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ යළිත් මාර්ග කොටස වසා දමා ඇත.
