කොළඹ මහනගර සභාව විසින් පාලනය කරනු ලබන මාතෘ රෝහල් 05 සැලකීමේදී ඉන් රෝහල් තුනක් තුළ ගෙවීගිය වසර 05ක කාලය තුළදී දරු උපතක් සිදු වී නොමැති බව වාර්තා වේ.
අනෙකුත් රෝහල් දෙක තුළ දරු උපත් සිදු වී තිබුණද, එය වසරකට දරු උපත් 10කට අඩු සංඛ්‍යාවක් බවද එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
නාරාහේන්පිට පිහිටි කිරුළ මාතෘ රෝහල තුළ හා බණ්ඩාරනායක හා මාලිගාවත්ත මාතෘ රෝහල් තුළ ගෙවීගිය වසර 05ක කාලය තුළදී දරු උපත් සිදු වී නොමැති බවට වාර්තා වන අතර, අනෙකුත් රෝහල් වන්නේ, නිව් බසාර් රෝහල හා මෝදර රෝහල වේ.
රෝහල් තුනක් තුළ දරු උපත් සිදු වී නොමැති වුවත්, අදාළ කාලය තුළදී මෙම රෝහල් පැය 24 පුරා ක්‍රියාත්මක කර තිබෙන අතර, මේ නිසා අතිකාල දීමනා ගෙවීම්ද සිදු වී තිබේ.