සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලබා , සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
ඉන් අනතුරුව අස්ගිරිය මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා , සුව දුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදව ද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී අමාත්‍යවරයා මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
මෙම වර්ෂයේ දී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සියයක් රටතුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒයටතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය අනූව සිව්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර, පොල්ගොල්ලවත්ත ග්‍රාමයේදීත්, පස්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මාතලේ දංකන්ද ග්‍රාමයේ දීත්, අද පස්වරුවේ ආරමභකරන බවත් අමාත්‍යවරයා මහනායකහිමිවරුන් හමුවේ පවසා සිටියේ ය.
රටතුළ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩුකර ගැනීම සදහා මෙවැනි කාලීන ව්‍යාපෘතීන් බෙහෙවින් ඉවහල්වනු ඇතැයි මහනායක හිමිවරුන් මෙහි දී අමාත්‍යවරයාට පවසා සිටියේය.
මහනුවර ජාතික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදවත්, එහි අනාගත සංවර්ධන ක්‍රියාවලිය පිළිබදවත් අමාත්‍යවරයා මෙහි දී මහනායකහිමිවරුන්ට කරුණු ඉදිරිපත්කර සිටියේ ය.
කොළඹ ජාතික රෝහල ආසන්නයේ හෘද රෝගීන් වෙනුවෙන් වෙනම අංග සම්පූර්ණ නවීනතම රෝහලක් නුදුරේම ඉදිකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ සදහා බිලියන 13ක් වැයකිරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා මහනායක හිමිවරුන් හමුවේ පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වත්මන් අමාත්‍යවරයා ලබාදෙන නායකත්වය ඉතා ප්‍රශංසනීය බව මෙහි දී පෙන්වා දුන් මහනායකහිමිවරුන්, කාලීන ගැටළු මැනවින් නිරාකරණය කරගනිමින් මෙරට අහිංසක රෝගී ජනතාවට ලබාදෙන ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාව පිළිබදව අමාත්‍යවරයාට සිය ප්‍රසාදය ද පලකර සිටියේ ය.
මෙම අවස්ථාවට බදුල්ල මුතියංගනය රජමහා විහාරයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය මුරුන්දෙනියේ ධම්මරතන හිමියන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද එක්ව සිටියහ.