කොළඹ කොටස් හුවමාරුව අද (27දා) ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 18.7ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙය වසර හතරකට පසුව වාර්තා කළ ඉහළම දෛනික පිරිවැටුම ලෙසද සැලකෙයි. ඊයේ දිනය තුළ රුපියල් බිලියන 14 කට ආසන්න අගයකට සිදු වුණු හැටන් නැෂනල් බැංකුවෙහි සියයට 9.99 ක කොටස් ගනුදෙනුව මෙම පිරිවැටුම සඳහා හේතුව විය.
මීට පෙර 2020 ජනවාරි 09 වැනිදා රුපියල් බිලියන 23.63 ක දෛනික පිරිවැටුමක් වාර්තා කිරීමට කොළඹ කොටස් හුවමාරුව සමත්ව තිබේ. එසේම 2021පෙබරවාරි01 වැනිදාද රුපියල් බිලියන 23.75කවාර්තාගත දෛනික පිරිවැටුමක් වාර්තා වී ඇතැයි කොළඹ කොටස් හුවමාරු දත්ත වාර්තා පවසයි.
මේ අතර කොළඹ කොටස් හුවමාරුව තුළ එතෙක් මෙතෙක් සිදුව ඇති විශාලතම දෛනික පිරිවැටුම ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් බිලියන 32ක පිරිවැටුමකි. 2008 අප්‍රේල් මාසයේදී එය වාර්තා වී ඇත.
භානුක අමරසිංහ