කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සිදුකෙරෙන කාලසීමාව යළිත් කොවිඩ් පෙර පැවති තත්ත්වයට ගෙනවිත් තිබේ.
ඒ අනුව එළඹෙන අප්‍රේල් 10 වන දින සිට කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු සීමාව පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය වී ඇත.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති ඇති අතර ඒ අනුව එළඹෙන 10 වන සඳුදා පෙරවරු 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ආරම්භ වන අතර පස්වරු 2.30 ට කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.
මේ වන විට කොටස් වෙළෙඳපොළේ සාමාන්‍ය ගනුදෙනු කාලය පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3කට සීමා වී තිබේ.
සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 5ක් වූ අතර 2020 වසරේ දී කොවිඩ් වසංගතයත් සමඟ පැවති වාතාවරණය හමුවේ එය විටින් විට සංශෝධනය කෙරුණි.