කොළඹ ඉන්න ගජේන්ද්‍රකුමාර් කුරුන්දි විහාරයට ගොස් පොංගල් පූජාවක් තියයි
මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් එහි කුරුන්දි විහාරයේ දායකයින් සමග ඇති වූ උණුසුම් තත්වය පාලනය කල බවට මුලතිව් පොලීසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණි අවස්ථාවේදී කුරුන්දි විහාරයේ දායකයින් එය නීති විරෝධී බව පවසමින් එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්සවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක හටගන්නා ලදි.
අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන නමුත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා නොකරන ලෙසටද මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැන වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිර ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්වය පාලනය කොට පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර කර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පොන්ගල් පූජාව පවත්වා විසිර ගියහ.











popular news
-
Sanju Sunday, 20 August 2023 06:56 PM
Apith ahenam anikuth palathwala thiyena hindu muslim katholika Cristian kowil palli walata yamu gihin bauddha wathawath bodhi puja wage dewal karamu neethiyak me rate thiyanawanm a neethiya hema jathiyakatama samana athi neada neethiya karawana ha karana undala mokada kiyannea api yamuda ???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
