කොළඹට ජාත්යන්තර මැණික් මධ්යස්ථානයක්
කොළඹ කේන්ද්ර කරගනිමින් ජාත්යන්තර මට්ටමේ මැණික් ප්රදර්ශන මධ්යස්ථානයක් ඇතුළු පර්යේෂණ හා රසායනාගාර පහසුකම් සහිත ජාත්යන්තර මධ්යස්ථානයක් 2030 වන විට ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනයේ (GJRTI) 2026 වාර්ෂික සහතික පත්ර ප්රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් 325 දෙනෙකුට NVQ 4, NVQ 5 සහ ඩිප්ලෝමා සහතික පත්ර පිරිනැමිණි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ නිසි රාජ්ය අනුග්රහය සහ නියාමනය යටතේ ශ්රී ලංකාව ජාත්යන්තර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්රමුඛ රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.
මැඩගස්කරය, කෙන්යාව, ටැන්සානියාව ඇතුළු අප්රිකානු රටවලින් රළු මැණික් මෙරටට ආනයනය කර, දේශීය දක්ෂතා සහ තාක්ෂණය යොදාගෙන අගය එකතු කළ උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කර ජාත්යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව ශ්රී ලංකාව සතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම රළු මැණික් ආනයනයේ හා අපනයනයේ පවතින බාධක ඉවත් කිරීම, ගුවන් තොටුපළ සහ රේගු පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු පියවර හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්රනාන්දු මහතා ඇතුළු විශේෂ ආරාධිතයෝ සහභාගි වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

