ශ්රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව් තුනට කුමන ආකාරයකින් හෝ මුදල් ගෙවා මිලදී ගමු යැයි හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මෙම නැව් තුනේ පවතින් තෙල්වලට ගෙවිය යුතතේ පැරණි මිල ගණන් අනුව බවයි.
කෙසේ වෙතත් අලුතෙන් මිලදී ගන්නා තෙල්වලට නව මිල ගණන් යටතේ ගෙවීමට සිදුවන බවද ඔහු පැවැසීය. යුක්රේනය හා රුසියාව අතර පවතින අර්බුදය හමුවේ තවදුරටත් තෙල් මිල ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුටත් පැවැසීය.
