හෙරොයින් ග්රෑම් 54කුත් මිලිග්රෑම් 730 සිය කළිසම් සාක්කුවේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලම රෝහල් පරිශ්රයේ දී කල්පිටිය පොලිසිය විසින් ඊයේ (22දා) රාත්රියේ දී අත් අඩංගුවට ගෙන ඇත. ඉන්පසු කරන ලද පරීක්ෂාවේ දී අණාවරණය වී ඇත්තේ,මෙම පුද්ගලයා රාජකාරිය නිමවා සිය ඥාතියෙකු බැලීමට රෝහලට පැමිණි සිටි,පුත්තලම කොට්ඨාශයට අයත් නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට ඇත.
කල්පිටිය පොලිස් ස්ථානාඅධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර,පොලිස් කොස්තාපල්වරුන් වන 69736 සංජීව,4770 පුශ්ප කුමාර යන නිළධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.සැක කරු හා නඩු භාණ්ඩ අද (23දා) පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි