කොස්තාපල් ඝාතනය කළ අයෙක්ට වසර 18ට පසු මරණ දඩුවම
වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කළේ යයි චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනාගෙන් සිව් වැනි විත්තිකරුට මරණ දඩුවමත් අනෙක් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසත් වසර 18 ක දීර්ඝ නඩු විභගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත නියෝග කළේය.
මෙසේ මරණ දඩුවම ලබාදෙන ලෙස නියෝග කෙරුණේ බද්දෙගම කාමිංගල,මාර්ග සති මාවත ලිපිනයේ පදිංචි මෙරෙන්චි කංකානම්ගේ ප්රසාද් මනෝරංජන නොහොත් කලුතර චූටී නමැත්තාටය.
නිදොස්කොට නිදහස් කෙරුණේ බද්දෙගම, කාමිංගල ,මාර්ග සති මාවත ලිපිනයේ පදිංචි පළමු විත්තිකරු වන හපුගලගේ නිලන්ති ,දෙවැනි විත්තිකරු වන ගුනෙත්තිගොඩ ලීලාවතී (මිය ගොස් ඇත) සහ එම ලිපිනයේම පදිංචි තෙවැනි විත්තිකරු වන රණසිංහ පතිරණගේ ප්රියන්ති නමැති තිදෙනාටය.
බද්දෙගම පොලීසියට අනුයුත්තව රාජකාරී කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණේ බලපිටිය රන්දොඹේ පදිංචි පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ (15615)නමැත්තාය.
2008 නොවම්බර් ම30 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බද්දෙගම පොලීසියට අනුයුත්තව සේවය කරමින් සිටි දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් 50472 ජගත් නන්දන (50472)යන නිලධාරීන් දෙදෙනා වැටලීමකට ගොස් සිටියදී බද්දෙගම කාමිංගලදී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ මහතා වෙඩි වැදීමෙන් මිය ගිය ගොස් තිබුණි.
මේ ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දෙගම පොලීසිය විසින් බලපිටිය අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදි.
රජයේ අධිනීතඥ සෙනුරි ගුණතිලක මෙනවිය මේ නඩුව මෙහෙයවූ අතර බද්දෙගම පොලීසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උඩුගමසූරිය මහතා ඊට සහාය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
