අද දින සවස් කාලයේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි.
තුවාලකරු අවුරුදු 24 ක් වන කොස්ගොඩ ප්ර දේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරු ත්රීරෝද රථයේ රියදුරු වන අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සබන්ධයෙන් තොරතුරු වාර්තා නොවන අතර කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.