කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පැනයාමට සැලස්සුවේ යයි චෝදනා ලැබූ එම පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුගේ පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරී සේවය වහාම කියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව ඇල්පිටිය පොලිස් අධිකරී කාර්යාලය කියයි.
අම්බලන්ගොඩ සහාකාර පොලිස් අධිකාරී අසංක කෝදාගොඩ මහතාගේ නිර්දේශය සහිතව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී ලකී රන්දෙණිය මහතා මේ පියවර ගෙන තිබේ. කොස්ගොඩ පොලිස් සිර මැදිරියෙන් මේ සැකකරුවන් දෙදෙනා පලා ගියේ මැයි මස 5 වැනිදා අලුයම් කාලයේදී ය.
සිර මැදිරියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා එදිනම සැගව සිටියදී කොස්ගොඩ පොලීසිය විසින් යළි අත්අඩංගුවට ගන්නා ලදි.