කොවිඩ් සැක රෝගියෙක් නිසා අම්බලන්ගොඩ පෞද්ගලික රෝහලක් වසයි
- 15 10 2020
- 09:56
- {{hitsCtrl.values.hits}} views
- ..
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15දා) උදෑසන තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය.
කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අමබලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේ සිට කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවත් ඇය පි .සි.ආර් .පරීක්ෂණ සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බවත් ඔහු කීවේය. එහි ප්‍රතිඵල මත රෝහල සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමට නියමිතය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
