කොවිඩ් රෝගය හා ස්නානය ගැන අසත්‍ය පැතිර යනවා
- 21 09 2021
- 07:41
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්‍රමසිංහ
කොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානාය නොකල කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම පෙන්වා දුන්නේ කොවිඩ් ව්‍යාප්තිය තුළ පිරිසිදුව සිටීම අතිශයින් වැදගත් කරුණක් බවයි.
කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගෙන් පීනස් තත්ත්වයක් ඇති අයට සෙව තත්ත්වය වැඩි වීම හා කිවිසුම් යෑම වැනි තත්ත්ව ඇතිවීම සාමාන්‍ය වන බවයි.
කෙසේ වුවද ඇඟපත සෝදා ශරීරය පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය බවද මහාචාර්යවරයා පැවැසීය.
මීට අමතරව කොවිඩ් සුව වූ රෝගීන් ස්නානාය නොකළ යුතු බවට පැතිර යන ප්‍රකාශ වෛද්‍ය විද්‍යාත්මකව පදනම් විරහිත වන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
