සිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කොවිඩ් රෝගය පසුගිය කාලයේ පැවති ආකාරය අනතුරකට පැමිණ ඇතැයි තවමත් තොරතුරු ලැබී නැතැයිද රජය මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපොලේ සිටම අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් කටයුතු කරන අතරම ඒ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා පසුගිය දිනක වාර්තාවක් නිකුත් කළ බවද ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එසේම චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ නැතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිල වශයෙන් පවතින දත්ත පදනම් කරගෙන ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද, රෝගයේ යම් වර්ධනයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.