කොවිඩ් යැයි සැකසහිත පෝලන්ත ජාතිකයන් 4ක් IDH වෙත
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ නැවත රටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා කටුනායක සිට ඔවුන්ව විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර තිබේ.
අද උදෑසන 9.00ට පමණ මෙම පියවරගෙන තිබේ. මොවුන් 3/14 දින උදෑසන 9.00 ට රැසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන එරොෆ්ලොට් ගුවන් සේවයේ ඕ.එල්.- 048 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මේ අතර 3/14 දින උදෑසන 7.00 පමණ වනවිට දකුණු කොරියාව , ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 1631 ක් පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නීරෝධායන කටයුතු සඳහා යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසී.
දියතලාව සහ කහගොල්ල නීරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට සූදානම් කර ඇතත් , මේ වනතෙක් කටුනායක ගුවන් තොටුපළ සිට මෙම මධ්‍යස්ථාන වෙත ගුවන් මගීන් යොමු නොකර ඇති බව ද අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

