කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අවසර දී තිබේ.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. මෙයට අදාළ විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.