මෙරට තුළ ගතවූ සතියේදී වාර්තා වූකෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊට පෙර සතියට සාපේක්ෂව 15%-20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත්,කෝවිඩ් මරණ සංඛ්‍යාවද 5%-6%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
කෙසේවුවද අදාළ ආසාදිතයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා ඇති පිරිසෙන්10%-12%ත් අතර ප්‍රමාණයක් පමණක් රෝහල්ගත කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉන් වැඩි පිරිසක් නිධන්ගත රෝගවලින් පෙළෙමින් සිටින පුද්ගලයන් බව සඳහන් කළ වෛද්‍යවරයා, බූස්ටර් මාත්‍රාව ලබා ඇති බොහෝ ආසාදිතයන්ට සුළු සංකූලතා තත්ත්වයක් පමණක් පෙන්නුම් කරන බවත්, එසේම ඔවුන් ඉහළ ප්රතිශක්තියකින් පසුවන බවට නිරීක්ෂණය වන බවත් පැවසීය.