කෝවිඩ්-19 වැලඳුණු පුද්ගලයෙකුට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්,කෝවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ලිංගික ක්‍රියාවලියේ සහ දරුඵල අඩුවීමේ සංකූලතා මඟ හරවාගැනීම සඳහා කඩිනමින් කෝවිඩ් එන්නත්කරණයට යොමුවන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (16දා) පැවැති කෝවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව කීවිශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දරුවන්, ගර්භිණී කාන්තාවන්, වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු සියලු දෙනා සඳහා කෝවිඩ් මර්දන එන්නත නිර්දේශිත බැවින් එය ලබා ගැනීම සඳහා අනවශ්‍ය බියක් ඇති ඇති කර නොගත යුතු බවයි.