ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 131ක් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 119කි.
මේ අනුව පිට පිටම දෙදිනකදී කොවිඩ් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබේ. කෙසේ වෙතත් අද දිනයේදී කොවිඩ් මරණ වාර්තා වී නොමැත.
ශ්‍රී ලංකාවේ මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 665 379ක් දක්වා වර්ධනය වී තිබේ.