කොල්ලුපිටියේ පසුගියදා සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.
ඒ කොළඹ රථවාහන මහේස්ත්‍රාත් පී. ජේ. ප්රභාකරන් මහතා අද (16දා) කළ නියෝගයට අනුවයි.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරිදා දින කොල්ලූපිටිය පොලීසියේ පෙනී සිටින ලෙසට ද ඇප නියෝගයක් නිකුත් කළේය.