කොරෝනා සුවවූ දෙවන නාවික පුද්ගලයාත් රෝහලෙන් පිටව යයි
2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 04) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
පොළොන්නරුව ප්‍රදේශයේදී කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනාගත් පළමු නාවික හමුදා පුද්ගලයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් - 19 ආසාදනය වී ඇති බව අප්‍රේල් මස 23 වන දින හදුනා ගෙන ඇත.
පසුව ඔහු ප්‍රතිකාර සඳහා එදිනම මුල්ලේරියාව රෝහල වෙත යොමු කරන ලද අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණ තුනක ප්‍රතිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා මැයි මස 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම නාවික හමුදා පුද්ගලයාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදන වූ නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

popular news
-
Ajith D.L Tuesday, 05 May 2020 06:11 PM
දන්නේ නැති නිසාමයි අහන්න්නෙ,නාවික හමුදා පුද්ගලයන් කියන්නේ නැතිව නාවික හමුදා රණවිරුවන් ලියන්න අත වේව්ලනව්වද , නැති නම් ...
Reply : 0 47
AjithD.L Tuesday, 05 May 2020 07:41 PM
නවික රණවිරුවන් කියලා ලියන්න වඩාත් ඵලදායී , ලස්සනයි , අරුත්බර ...
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

